ශ්‍රීලන්කන් ලංසු විවෘත කිරීම අද ඇරඹේ. - ඇමති නිමල් සිරිපාලගේ උපරිම ලංසුව ගැනත් ඉඟියක්.
By Wayomi
ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු විවෘත කිරීම අද (05) සිදුකිරීමට නියමිතයි.
ඒ, අනුව අද පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට හැකි බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
මෙහිදී අදාළ ලංසු ඉදිරිපත් කිරීම සජීවීව සිදුකිරීමට නියමිත අතර ඊට සහාය දැක්වීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ද පත්කර ඇත.
ලංසු ඇගයීම් වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.
ඔහු පවසන්නේ, ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ අයෝජනයක් බලාපොරොත්තු වන බවයි.