සති දෙකක් යනතුරු යළිත් පාසල් වල කටයුතු ඔන්ලයින් ක්‍රමයට..?

Report

ලබන සඳුදා සිට සති දෙකක කාලයක් රාජ්‍ය සේවය සහ පාසල්වල ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීම සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් උද්ගතව ඇති ගැටලුකාරී වාතාවරණය සැළකිල්ලට ගනිමින් ඉදිරිපත්ව ඇති එම යෝජනාව පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවය.

ඒ අනුව ඊට අදාළ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ඒ සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය. අනතුරුව එම තීරණය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now