ලොවටම ආදර්ශයක් වෙමින් ලංකාවෙන් සුවිසල් පරිත්‍යාගයක්..! (PHOTOS)

Report

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සිදුකර තිබේ.

එම පරිත්‍යාගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණි.

ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. Zuhair M.H. Dar Zaid) මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්...

GalleryGalleryGalleryGalleryGallery