මොකා බලන්නද බන්..මෙන්න මෙතන හංගා ගනින්..දෙන්නෙක් එක්ක මැණික් අරන් ආපු විදිහ බලන්නකෝ..

Report

රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය ගුද මාර්ගයේ සගවා ගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තීන්හි නියැලී සිටින 45 හැවිරිදි සහ 46 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

හිටපු ජනාධිපතිවරයකුගේ විවාහය දෙදරා යාමේ අවදානමක්...

හිටපු ජනාධිපතිවරයකුගේ විවාහය දෙදරා යාමේ අවදානමක්...

මොවුන් දෙදෙනා ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (31) දින උදෑසන 10.00ට පැමිණ තිබුණි.

මොවුන් කැරට් 300ක් බරැති පුෂ්පරාග සහ නිල්කුරුවින්ද වර්ග වල මැණික් ගල් 54 ක්, සිය සිරුරු වල ගුද මාර්ගයේ සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

උතුරු සුලං බලා.. හැප්පුනොතින් මලා..කියලා පාතාලයෙන් ආපු මල්වඩමේ කතාව..

උතුරු සුලං බලා.. හැප්පුනොතින් මලා..කියලා පාතාලයෙන් ආපු මල්වඩමේ කතාව..

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ තිළිණි පීරිස් මහත්මියගේ උපදෙස් මත ගුවන් තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රොහාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරමින් සිටිති.

මොකා බලන්නද බන්..මෙන්න මෙතන හංගා ගනින්..දෙන්නෙක් එක්ක මැණික් අරන් ආපු විදිහ බලන්නකෝ.. | One Arrested With Gems Worth Rs 6 Million

You may like this video