ලක්ෂ 30ක මත්කුඩු තොගය සමග පුද්ගලයෙක් කොටු

Report

රුපියල් ලක්ෂ තිහක් පමණ වටින මත් කුඩු තොගයක් සමග පාතාල කණ්ඩායම් නායක සමන් කොල්ලාගේ ගෝලයකු අම්බලන්ගොඩ දේවගොඩදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි.

අම්බලන්ගොඩ දේවගොඩ පදිංචි විසිතුන් හැවිරිදි සැකකරු මීට පෙරද මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව මත බලපිටිය මහාධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට මීට මාස කිහිපයකට උඩදී ඇප ලබා පැමිණි අයෙකු බවද පොලීසිය කියයි.

ඊශ්‍රායලය, අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙක් බව ට්‍රම්ප් කියයි

ඊශ්‍රායලය, අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙක් බව ට්‍රම්ප් කියයි

සැකකරු සමන් කොල්ලා සපයන මත් කුඩු ඊෂි කෑෂ් කමයට අලෙවි කරන බවත් එසේ ඊෂි කෑෂ් කමයට අලෙවි කිරීමට සූදානම් කොට තිබූ මත් කුඩු තොගයක් මෙසේ සැකකරුගේ නිවස පිහිටි අම්බලන්ගොඩ දේවගොඩදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි

ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි