හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පදුවට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යද?...

Report

ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කළ හැකි, හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු‍ වරප්‍රසාද කප්පාදු කරන බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම හෝ සංශෝධනය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව පමණක් බවයි නීති විශාරදයින් පෙන්වා දෙන්නේ.

මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම මේ තීරණය ගත්තේ.. බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් CIDයට පැමිණිල්ලක්..

මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම මේ තීරණය ගත්තේ.. බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් CIDයට පැමිණිල්ලක්..

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය තීරණය කළ අතර, එහි වඩාත්ම කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවස සම්බන්ධවයි.

ඔහුගේ කොළඹ විජේරාම පාරේ පිහිටි නිළ නිවසේ කුලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළ අතර, ඒ සමග හිටපු ජනාධිපතිවරුන් සියලු‍ දෙනාටම නිල නිවාසවලින් ඉවත්වන ලෙසට නව රජයේ සෙසු සාමාජිකයින්ගෙන් ද බලපෑම් එල්ලවෙමින් තිබෙනවා.

ජනපති යාපනයට එන වෙලාවට මන්ත්‍රී අර්චුනා ඇතුළු පිරිසක් කරන්න සැලසුම් කරපු දේ මෙන්න..

ජනපති යාපනයට එන වෙලාවට මන්ත්‍රී අර්චුනා ඇතුළු පිරිසක් කරන්න සැලසුම් කරපු දේ මෙන්න..

කෙසේ වෙතත් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ ප්‍රතිලාභ සහ වරප්‍රසාද කප්පාදු කිරීම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා සිදුකළ යුතු බවයි මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහනාම හේවා සදහන් කළේ.

You may like this video