සිසුන්ගේ හදගැස්ම වැඩි කරමින්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය..

Report

2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමා මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.