සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක් - ඉක්මන් කරන්න - ප්‍රවේශ පත්‍රවල සංශෝධනය පැය කිහිපයකින් අවසන්

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025(2026) විභාගයට පෙනී සිටින පෞද්ගලික අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍රවල සංශෝධනයක් තිබේ නම් වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධනය කර ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

එම සංශෝධන අද (10) වෙනිදා මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් කෙරෙන බවත් 2025 වර්ෂය වෙනුවෙන් පවත්වන සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වෙනිදා සිට 26 වෙනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3545කදී පැවැත්වීමට නියමිතව බවත් දැනුම් දී ඇත.

සාමාන්‍ය පෙළ සදහා විශේෂ නිවේදනයක් - නීතිය හමුවේ වර­ද­ක­රු­වකු නොවන්න

සාමාන්‍ය පෙළ සදහා විශේෂ නිවේදනයක් - නීතිය හමුවේ වර­ද­ක­රු­වකු නොවන්න

මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට අදාල පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී ඇත. සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාල කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශපත්‍ර භාරගත යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමු කර ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව පවසා ඇත. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් ඇත්නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් විදුහල්පතිවරුන් වෙත දී ඇති පරිශීලක නාමය හා මුරපදය උපයෝගී කරගෙන ගිණුමට ප්‍රවේශ වී අදාල සංශෝධනය සිදුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.