ලංකාවට මුහුද යටින් තෙල් පොම්ප කරන්න හදන්නේ මෙහෙමයි.
ඉන්දියාවේ සිට මුහුද හරහා මෙරටට ඉන්ධන රැගෙන ඒමට යෝජිත නළ මාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සහ IOC සමාගමේ නිලධාරීන් අතරයි.
මේ අනුව නාගපට්නම් සිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා කොළඹ දක්වා මෙම නළ මාර්ගය ඉදිකිරීමට යෝජනා වී ඇත.
එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර තිබුණේ, ඉන්දීය බලශක්ති සතියට සමගාමීව පැවති මෙම සාකච්ඡාවට LIOC, ලංකා ඛනිජතෙල් සංස්ථාවේ මෙන්ම ඛනිජතෙල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරුන්ද ඊට එක්ව සිටි බවයි.