මන්නාරමෙන් තෙල් එයි - ආයෝජකයන්ට අවස්ථාවක්
1961 අංක 28 දරණ පනත මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපනය කරන ලද අතර ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදාහැරීම සහ දිවයිනපුරා අලෙවි කිරීමේ කටයුතු වල නිරත විය.
ඉරාන සැහැල්ලු බොරතෙල් BPSD 38000 ක් (දිනකට මෙට්‍රික් ටොන් 5200) පිරිපහදු කිරීම සඳහා 1969 අගෝස්තු මාසයේදී පවත්නා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කරන ලදී.
2011 වසරේදී කෙයාන් ලංකා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ලද ගවේෂණ හා කැණීම් වලට අනුව, මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ බිම් කොටසින් ස්වභාවික වායු නිධි 02 ක් සොයා ගෙන ඇති අතර, එමඟින් මන්නාරම් ද්‍රෝණිය තුළ ශක්‍ය හයිඩ්‍රොකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී තිබේ.
2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ විධිවිධාන අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ රෙගුලාසි මඟින් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව අක් වෙරළ ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.
[R0PO1LK ]
ඒ අනුව, මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 04 හි ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමටත්, එම කාර්යය සඳහා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු අලෙවිකරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීමටත් බල ශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
