නීති දැඩිවෙයි. - ඔස්ට්‍රේලියාවේ යන්න ඉන්න සිසුන්ට විශේෂ නිවේදනයක්.

Australia Student Visa Education
By Wayomi May 08, 2024 07:33 AM GMT
Wayomi

Wayomi

Report

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සම්බන්ධයෙන් එරට බලධාරීන් තවත් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු "ඉතුරුම් මුදල" නැවතත් වැඩි කිරීමටයි.

එමෙන්ම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවද ඔවුන් දැඩි ලෙස අවධාරණය කර සිටිනවා.

එම තීරණය ගෙන ඇත්තේ, එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමටයි.

ඒ අනුව මෙම සිකුරාදා (10) සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් ඇති බවට තහවුරු කළ යුතු වෙනවා.

මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමූ අතර 2022/23 වසරේදී ඒ ඔස්සේ ඔවුන් ලැබූ ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4ක්.    

.........................................................

May you Like