සාමාන්‍ය පෙළ විෂයයන් 05කට අඩු කෙරේ.. උසස් පෙළ විෂය ධාරා 09ක් කරයි..
රජය විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2025 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 5ක් හෝ 6ක් දක්වා අඩු කිරීමට සූදානමක් පවතින බවට වාර්තා වෙමින් පවතී.
ඒ අනුව, ඉදිරි වසරවලදී මෙරට විභාග පද්ධතියේ පුළුල් වෙනසක් සිදු කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ, පාසල් සිසුන්ට විභාගවල ඇති බර අවම කිරීම සඳහාත්, එහි ගුණාත්මක බව වැඩි කිරීම සඳහාත් 2025 වසර වන විට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි මෙම වෙනස සිදු කෙරෙන බවයි.
මේ අනුව, සාමාන්‍ය පෙළ විෂයයන් 9ය විෂයයන් 5ක් හෝ 6ක් දක්වා අඩු කිරීමට නියමිත බවත්, අනිවාර්ය නොවන කාණ්ඩ විෂයයන්හි විභාග පාසල් මණ්ඩලවලින් පවත්වන විභාග හරහා ලකුණු ලබාදෙන ක්‍රමයක් අනුගමනය කෙරෙන බවත්, මෙහි නියමු ව්‍යාපෘතියක් 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.
මීට අමතරව, උසස් පෙළ විෂය ධාරා සංඛ්‍යාව 8ක් හෝ 9ක් දක්වා වැඩි කිරීමට ද තීන්දු කර තිබෙන බව වාර්තා වේ.
දැනට පාසල්වල ක්‍රියාත්මක 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රේණි ගණන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 12වන ශ්‍රේණිය දක්වා අඩු කිරීමට ද නියමිතව තිබේ.