10,000කට ආසන්න පිරිසකට සිද්ද වෙලා?. සා.පෙළ ගැන විභාග කොමසාරිස්වරයාගෙන් පැහැදිලි කිරීමක් මෙන්න..(VIDEO)

Report

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට ආසන්න පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙනවා.

10,000කට ආසන්න පිරිසකට සිද්ද වෙලා?. සා.පෙළ ගැන විභාග කොමසාරිස්වරයාගෙන් පැහැදිලි කිරීමක් මෙන්න..(VIDEO) | O L Examnination 06Th May 2024

තාක්ෂණික කරුණක් හේතුවෙන් පැන නැගුණු එම ගැටලුව නිරාකරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ ය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භ වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ  මේ වන විට එම පැන නැගුණු ගැටලුව නිරාකරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත් ය.

කෙසේ වෙතත්, විභාග‍ෙන් පසුව කිසිවිටෙකත් අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට සලකුණු නොවන බවත් ඔහු පැවසීය.

වීඩියෝ දර්ශන - Ada Derana