නුවරඑළිය දිස්ත්‍රික්කය - සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය..
2024 ජනාධිපතිවරණය
මේ වන විට 2024 - ජනාධිපතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 201,814 ක් ලබාගෙන එහි පෙරෙමුණ ලබා ගත්තේ ය.
එමෙන්ම, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 138,619 ක් ලබා දෙවන තැනට පත් විය.
කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායක මහතාට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 105,057 ක් පමණී.
2019 ජනාධිපතිවරණය
නුවරඑළිය දිස්ත්‍රික්කය අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක විය.
එම නිසාම 2019 දී ත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස පහසුවෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ය.
එහි දී සජිත් ප්‍රේමදාස හඟුරන්කෙත මැතිවරණ බල ප්‍රදේශ පමණක් පරාජය වන විට සෙසු ආසන 3ම පහසුවෙන්ම ජයග්‍රහණය කළේ ය.
ඒ අතුරින් සජිත් ප්‍රේමදාස ලක්ෂයකට ආසන්න ඡන්ද පරතරයක් වාර්තා කරමින් නුවරඑළිය-මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශජයග්‍රහණය කර තිබීම සුවිශේෂී සිදුවීමක් විය.
සමස්ත දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය
සජිත් ප්‍රේමදාස- ඡන්ද 277,913 (58.28%)
ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 175,823 (36.87%)
අනුර කුමාර - 5,891(1.24%)
තැපැල් ඡන්ද
ගෝඨාභය රාජපක්ෂ - 9,151 (51.77%)
සජිත් ප්‍රේමදාස - 7,696(43.54%)
අනුර කුමාර - 638 (3.61%)
2015 ජනාධිපතිවරණය
2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර තරග වැදීය.
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 272,605 (63.88%) ක් ලබා පෙරමුණේ පසු විය.
එමෙන්ම, මහින්ද රාජපක්ෂ- ඡන්ද 145,339 (34.06%)ක් ලබා දෙවන තැනට පත් විය.
තැපැල් ඡන්ද
මෛත්‍රිපාල සිරිසේන - 6,699(52.37%)
මහින්ද රාජපක්ෂ - 6,057(47.35%)