නුවරඑළියෙන් පහක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට..තොණ්ඩමන් දිගම්බරම් ඉවරෙටම ඉවරයි..

Nuwara Eliya Palany Thigambaram Jeevan Thondaman Local government Election Latest Headlines
By Sewvandhi Oct 15, 2024 04:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවිරආරච්චි මහතා පැවසුවේ, මෙතෙක් පැවති මැතිවරණ වලදි රනිල් සහ සජිත් ජන්ද බැංකුව වශයෙන් හදුනාගෙන සිටි නුවරඑලිය දිස්ත්‍රික්කය 2024 මහ මැතිවරණයෙන් බිද දමන බවයි.

2024 මහ මැතිවරණයට අදාල නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමින්, මංජුල සුරවිරආරච්චි මහතා ඒ බව කියා සිටියා.

ජනාධිපතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විශාල ජන්ද ප්‍රතිශතයක් ලබාගත් බවත්, රටේ බහුතර ජන්ද දායකයන් පිරිසක් අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමෙන් අනතුරුව වතුකරයේ බොහෝ ජන්ද දායකයින් පිරිසක් මාලිමාව වටා එක්වෙමින් සිටින බවයි, මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියේ.

තොණ්ඩමන්, දිගම්බරම්, රාධාක්‍රිෂ්ණන් යන මහතුන්ට ක්‍රියාකාරිව දේශපාලන කටයුතු වල නියැලි සිටි බහුතර පිරිසක් කිසිදු කොන්දේසියකින් තොරව මේ වන විට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂකයන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

පවත්නා සැබැ වෙනසත් සමග නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පස්දෙනෙකු තේරි පත් වන බවත්, ඒ සදහා තම කණ්ඩායම දැඩි කැපවිමකින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂකයින් වන සමාජ ක්‍රියාකාරි ක්‍රිෂ්ණන් කලේයිචෙල්වි, නිතිඥය අනුෂ්කා දර්ශණි තිලකරත්න, වෛද්‍ය ආරුමුගම් ජෙයරාජන්, සමාජ ක්‍රියාකාරි ඩැනියෙන් නොයෙල් ජෙනස්ටර් යන මහත්ම මහත්මියන් සහභාගි විය.