මෝටර් රථ සමාගමක් දැවැන්ත තීරණයක් ගනී..!
By Sewvandhi
ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය වේගවත් කිරීමට තීරණය කර තිබේ.
එම සමාගමේ අරමුණ වන්නෙ,යුරෝපයේ අලෙවිකෙරෙන සියලුම නිසාන් මෝටර් රථ 2030 වනවිට විද්‍යුත් රථ පමණක් කිරීමයි.
මේ අතර 2030 න් පසුව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට එක්සත් රාජධානිය ගෙන තිබූ තීරණය 2035 දක්වා කල්දමා ඇති බව සඳහන් ය.
ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ, නිසාන් සමාගම සිය තීරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ එක්සත් රාජධානියේ තීරණය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා බවයි.
මේ අතර නිසාන් සමාගමේ ප්‍රධානියා පවසන්නේ තමන් ගත් තීරණය නිවැරදි බවය.
මෙම දශකය නිමා වීමට පෙර නව බැටරි තාක්ෂණයක් හඳුන්වාදීමටත් නිසාන් සමාගම සැරසෙයි.
එමගින් විද්‍යුත් මෝටර් රථ වල මිල අඩුවෙතැයි එම සමාගම පවසයි.