සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන මෙන්න විශේෂ නිවේදනයක්
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන සෙනසුරාදා (ඔක්තෝබර් 11) සහ ඉරිදා (ඔක්තෝබර් 12) දිනවල දිස්ත්‍රික්ක තුනකදී පැවැත්වේ.
- රත්නපුර දිස්ත්‍රික්කය: සම්මුඛ පරීක්ෂණ ඔක්තෝබර් 11 වැනිදා රත්නපුර හෙද විදුහලේදී පැවැත්වේ.
- ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක: සම්මුඛ පරීක්ෂණ ඔක්තෝබර් 11 සහ 12 යන දිනවල මඩකලපුව හෙද විදුහලේදී පැවැත්වේ.
- අම්පාර දිස්ත්‍රික්කය: සම්මුඛ පරීක්ෂණ ඔක්තෝබර් 11 සහ 12 යන දිනවල අම්පාර හෙද විදුහලේදී පැවැත්වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුත්තේ අමාත්‍යාංශය විසින් නිල වශයෙන් දැනුම් දුන් පුද්ගලයින් පමණක් බවයි.