හෙද විදුහල් සඳහා සිසුන් බඳවාගැනීම ආරම්භයි - ගැසට් පත්‍රය නිකුත් කිරීම ගැන අමාත්‍ය නිවේදනය

Report

හෙද විදුහල් සඳහා සිසුන් බඳවාගැනීමට අදාළ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව (Nursing Orientation and Coordination Training) සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද (B.Sc. Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වනුයේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණිනි.

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්

හෙද උපාධිධාරීන්ට පත්වීම්

හෙද උපාධිධාරීන්ට පත්වීම්