හෙද නිලධාරීන් අද කෑම පැයේ විරෝධතාවයක

By Gagana News Feb 27, 2025 04:37 AM GMT
Report

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බව එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටින අතර මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බව ද නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ජනාධිපති දිනකට පැය 18ක් වැඩ කරනවලු

ජනාධිපති දිනකට පැය 18ක් වැඩ කරනවලු

මේ අතර අතීකාල පැය සීමා ගැටලුවක් මුල් කරගනිමින් අද දිනයේ නැගෙනහිර පළාත තුළ පමණක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ සංකේත වැඩවර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර මෙවර අය වැය මඟින් විදුහල්පතිවරුන් සදහා අපේක්ෂා කළ දීමනා නොලැබීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව විදුහල්පති ශ්‍රේණී නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊට විරෝධය පළ කරමින් ඉදිරියේ දී සියලු විදුහල්පති ශ්‍රේණී කොළඹට කැඳවීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා නව වට්ටම්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා නව වට්ටම්