7,500ක්?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට සුබ ආරංචියක් මෙන්න..
By krishani
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 5,000 සිට 7,500 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.

ලංකාවේ තිබෙන විද්‍යා පීඨ 19 විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කර මෙලෙස සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් රැකියා ඉලක්ක කරගත් කොරියානු, ජර්මන්, ප්‍රංශ, හින්දි, චීන හා ජපන් භාෂා ගුරුවරුන් 500 කට වැඩි සංඛ්‍යාවක් පාසල් පද්ධතිය සඳහා බඳවාගැනීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.