මෙවර ලියාපදිංචි දන්සල් ප්‍රමාණය සහ ප්‍රමිතීන් ගැන දැනුම්දීමක්.
By Piyumika
මෙවර වෙසක් සමය වෙනුවෙන් නොමිලේ ආහාර ලබාදෙන දන්සල් 3500කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.
ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇත.
2024 LPL තරගාවලිය ගැන විශේෂ නිවේදනයක්. - දඹුල්ල කණ්ඩායමේ හිමිකරු හිරේ යද්දී හිමිකාරිත්වයේ සිදු වූ වෙනස.
එමෙන්ම මහජන ආරක්ෂාව සහ සනීපාරක්ෂක ප්‍රමිතීන් සපුරාලීම සහතික කිරීම සඳහා ඔවුන් ලියාපදිංචි නොකළ දන්සල් පරීක්ෂා කරන බවත් මෙම පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) 2,000ක් පමණ සේවයේ යොදවා ඇති බවත් වාර්තා වෙනවා.
ඒ අනුව සෞඛ්‍ය නිලධාරීන් විසින් නිසි සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව ආහාර වේල් පිළියෙළ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙලෙස ලියාපදිංචි නොකළ දන්සල් ඇත්නම් එවාහි සංවිධායකයින්ගෙන් අදම ලියාපදිංචිය අවසන් කරන ලෙස එම සංගමය ඉල්ලා සිටිනවා.
2024 LPL තරගාවලිය ගැන විශේෂ නිවේදනයක්. - දඹුල්ල කණ්ඩායමේ හිමිකරු හිරේ යද්දී හිමිකාරිත්වයේ සිදු වූ වෙනස.
...........................................