වසර 17කට පසු මාලිමාව ලබපු ජයග්රහණය
සිමා සහිත නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ පාලන බලය වසර 17කට පසුව ලබා ගැනීමට ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායම සමත් වී ඇත.
ඒ නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් විශිෂ්ට ජයග්රහණයක් ලබා ගැනීමත් සමඟයි.
කෙසේ වෙතත් එහි විශේෂත්වය වන්නේ ජාතික ජන බලවේගයට මෙම ජයග්රහණය නිතරඟයෙන්ම හිමි වීමයි.
ඒ අනුව සමූපකාර මණ්ඩලයේ ආසන 9න් 9ම ජයග්රහණය කරමින් එහි පූර්ණ පරිපාලන බලය තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.
එබැවින් නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ නව සභාපතිවරයා වශයෙන් මංජු ශ්රී ධර්මකීර්ති මහතා නිල වශයෙන් තේරී පත්වී තිබෙනවා.