ඉන්දියාවේ අමූල්ට සහ අදානිට දෙන සහයෝගය ගැන මාලිමාවට ස්තුති කරයි..

National Peoples Party Manusha Nanayakkara Sri Lanka India Gautam Adani
By Sewvandhi Feb 24, 2024 04:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවේ අමූල් සමාගමට අදානි සමාගමට දෙන සහයෝගයෙන් සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස සතුටට පත්වන බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය. අපේ රටේ ඉන්දීය විරෝධය සකස් කර තමයි, ජනතා විමුක්ති පෙරමුණ තරුණයෝ පාරට ගත්තේ. පන්ති පහක් හැදුවා. එයින් එකක් තමයි ඉන්දීය ව්‍යාප්තවාදය. ඉන්දියාවෙන් ආ සියලු දේට ගැහුවා. ඉන්දියාවත් සමඟ තිබුණේ පුදුම තරහක්.

එයට තරුණයෝ යොමු කර ඒ හරහා දිගින් දිගටම ඉන්දියාවට වෛරයක් හැදුවා. එය අරගෙන තමයි දරුවෝ 60,000 ක් මැරුණේ. දැන් නැවතත් ඉන්දියාවට ගිහින් එද්දි අමුල් එකට කැමැති වෙනවා. ඉන්දියාවට කැමති වෙනවා. නමුත් අපි ඒ දේවල්වලට කැමැතියි.

අමුල් සමාගමට සහයෝගය දැක්වීම ගැන අපි කැමැතියි. ඒ අය අදානිලාගේ ව්‍යාපෘතින්ට සහයෝගය දෙනවට අපි කැමැතියි. මේ වැඩසටහන්වලට ජනතා විමුක්ති පෙරමුණෙ සහයෝගය දක්වන්නට ගත් තීරණය අපේ ලොකු ජයග්‍රහණයක්. නැතිනම් මේ ආකාරයෙන් රට ඉදිරියට ගෙනයාමට තිබූ අවස්ථා ගොඩාක් ජනතා විමුක්ති පෙරමුණ වැළැක්වූවා.

ගිවිසුම්ගතව ඉන්දියාවත් සමඟ කරන්න සූදානම් වූ ව්‍යාපෘති මේ අය නතර කළා. අඩුම තරමින් පුද්ගලික විශ්වවිද්‍යාලයක්වත් දාන්න දුන්නේ නැහැ. ඒ නිසා මෙය විශාල ජයග්‍රහණයක්.

අපිට නැවත හරවන්න බැරි දේ වුණේ එයාලා විරුද්ධ වීම නිසා මියගිය 60,000 ක් වූ ජීවිතයි. නමුත් මේ වූ දේට අපි සතුටුයි. ඒ නිසා ඉක්මනින් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. එය ජනාධිපතිතුමාට ඔවුන් දීපූ සහයෝගයක්.(උපුටාගැනීමක්)