විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් මාලිමාවට ජනවරමක් තිබෙනවා - අමාත්‍ය උපාලි පන්නිල

Report

ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් නොව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාද ජාතික ජන බලවේගය රජයට ජනවරමක් හිමිව ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රජයට කිසිසේත්ම ජනමත විචාරණයකට යාමට හෝ රජයේ ධුර කාලය නීති විරෝධී ලෙස දීර්ඝ කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවත්, සියලු මැතිවරණ නියමිත කාලසීමාව තුළ පැවැත්වීමට කටයුතු කරන බවත් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

මේ අතර, 2026 අයවැය ප්‍රතිපාදන යටතේ “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන සඳහා වෙන්කර ඇති රුපියල් මිලියන 25,000ක මුදලින් මේ වනවිට සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ මූල්‍ය ප්‍රතිපාදන කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදා ගනිමින් ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - නීතිමය පියවර ගැනීමට අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - නීතිමය පියවර ගැනීමට අනතුරු ඇඟවීම්

පසුගිය කාලසීමාව තුළ රජය කලාපීය රටවල් මෙන්ම අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර ආයතන සමඟ සමීප සබඳතා පවත්වා ගනිමින් ඉහළ විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව ඇති බවද අමාත්‍ය උපාලි පන්නිල මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සමීපව කටයුතු කිරීම හරහා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ