ජාතික ජන බලවේගයත් ඩීල් යන්න පටන් අරන් - බලය පිහිටුවන්න තනි මන්ත‍්‍රීලාට වැඩි ඉල්ලුමක්
පසුගිදා පවත්වා අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇත.
ජාතික ජන බලවේගය ද සඳහන් කර ඇත්තේ වෙනත් පක්ෂ සමඟ බලය පිහිටුවීමට අදහසක් නැති නමුත් ස්වාධීනව තරග කර ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් සමග එක්ක බලය පිහිටුවීමට සූදානම් බවයි.
බලය පිහිටුවීමට සහාය ලබා දීමේදී කොන්දේසි ඇතුළු අදාළ කාරණා සම්බන්ධයෙන් මෙම සාකච්චා සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.
සමගි ජන බලවේගය පවසන්නේ විපක්ෂ සෙසු කණ්ඩායම සමග බලය පිහිටුවීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.