විශ්වවිද්‍යාල භික්ෂූන් තිදෙනකු නිරුවත් කර වද දෙයි..පක්ෂ 02කටත් චෝදනා..

Report

හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේදී නවක වධයට ලක් වූ ශිෂ්‍ය භික්ෂු වහන්සේ තෙනමක් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අමානුෂික අයුරින් පහරදීම, නිරුවත් කර ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම හා අපාය නමැති වදකාගාරයේදී අමානුෂික අන්දමින් නවකවධය පැනවීම ඇතුළු හිංසා ගැන මෙලෙස පැමිණිලි කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.

මෙරට වාමාංශික දේශපාලන පක්ෂ දෙකකට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් මෙලෙස දිගින් දිගටම නවකවධය පනවමින් සිටින බවත්, මෙම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාද ඒ අතර සිටින බවත් ඔවුන් පොලිසිය හමුවේ තවදුරටත් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now