මාර්තු ඉන්ධන මිල ගණන් සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..
මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ මිල ගණන් සංශෝධනය විය යුතුව පැවතුණා.
ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ, මෙම මාසය තුළ මිල ගණන් සංශෝධනයකින් තොරව, පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමටයි.
මාසික මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.