දිස්ත්‍රික්ක කිහිපයක උත්සන්න වී ඇති අවදානම් රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක්.

Report

පසුගිය කාලය තුළ දිස්ත්‍රික්ක රැසක සරම්ප රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ අද (27) සෞඛ්‍ය අමත්‍යාංශයේ පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

දිස්ත්‍රික්ක කිහිපයක උත්සන්න වී ඇති අවදානම් රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක්. | Notification Of A Dangerous Medical Condition

ඒ, අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ වන දිස්ක්‍රික්කවලින් එසේ සරම්ප රෝගීන් වාර්තා වී ඇති බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, සරම්ප රෝගය වැළක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව ක්‍රියාත්මක කරන බවත්,එම වැඩසටහන 2024 ජනවාරි 06 වනදා උදෑසන 09 සිට සවස 04 දක්වා ළඟම ඇති වෛද්‍ය සායනයක් මගින් මාස 6 - 9 අතර ලදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදෙන බවත්ය.       

[