මේ වගේ දෙයක් ඔයාටත් වුණා ද කියලා දැන්ම බලන්න - ජනතාවට දැනුම්දීමක් මෙන්න.

Report

ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ වගේ දෙයක් ඔයාටත් වුණා ද කියලා දැන්ම බලන්න - ජනතාවට දැනුම්දීමක් මෙන්න. | Notification From The Office Of The President

ඒ ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කර ජනතාවගෙන් මුදල් වංචා කරන අමුතුම ජාවාරම් පිළිබඳව අනාවරණය වී ඇති බව සඳහන් කරමින් ය.

ඒ අනුව ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් මෙලෙස විදෙස් රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් රවටා මුදල් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව ජනාධිපති කාර්යාලය පැවසීය.

එමෙන්ම, ආයෝජකයින් සහ රැකියා අපේක්ෂිත තරුණ පිරිස් මෙම ජාවාරම්කරුවන්ගේ විශේෂ ඉලක්කයක් වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ එවැනි වංචාකාරී ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම් වෙන ලෙසයි.

කෙසේ වෙතත්, එවැනි පුද්ගලයෙකු බවට සැකයක් ඇති වුවහොත් වහාම 071 530 8032 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් මහතා සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙසට වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.