මියන්මාරයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්!
By Shehan
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය අනුව, මියන්මාරයට බලපැම් කළ බලවත් භූ කම්පනයෙන් පසුව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අනතුරක් සිදුවී නැත.
මියන්මාරයේ රික්ටර් පරිමාණයේ 7.4 ක ප්‍රමාණයේ භූ කම්පනයකින් පසු බැංකොක් ඇතුළු තායිලන්තයේ වෙනත් ප්‍රදේශවල පසුකම්පන ඇති වූ බවත්, බැංකොක්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්ථිර දූත මණ්ඩලය තායි නිලධාරීන් සමඟ එක්ව තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
තවද, හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින් හට +66 812498011 යන හදිසි දුරකථන අංකයට අමතන ලෙස එම අමාත්‍යාංශය දන්වා සිටියේය.