විදුලි පාරිභෝගිකයින්ට දැනුම්දීමක්. - ඔබේ ප්‍රදේශයටත් විදුලිය විසන්ධි වෙලා ද? - මේ අංකයට දැනුම් දෙන්න. - ඇමතිගෙන් විශේෂ නිවේදනයක්.

Report

පසුගිය දින 3 තුළ පාරිභෝගිකයින් 300,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇති බවයි ඔහු සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ.

හදිසි රෝගී තත්වයක් මත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කෙරේ. - (VIDEO)

හදිසි රෝගී තත්වයක් මත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කෙරේ. - (VIDEO)


අමාත්‍යවරයා තවදුරටත් අදාළ නිවේදනයෙන් පවසන්නේ, එම බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත් විදුලිය බිඳ වැටී ඇති ස්ථානයන්ට ඉදිරි පැය 24 තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර විදුලි පාරිභෝගිකයින්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලි විසන්ධි වීම් පිළිබඳ දැනුවත් කළ හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

.........................................................

May you Like