අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකට නොතීසි..

Report

 කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (12) නියෝග කළේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණය ලබා දුන් නියෝගයක් වසර 8ක් පුරාවට පැහර හැර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

නරුම එක් දරු පියාට මහාධිකරණයෙන් නොසිතූ දඩුවමක්...

නරුම එක් දරු පියාට මහාධිකරණයෙන් නොසිතූ දඩුවමක්...

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ කියා සිටියේ අසභ්‍ය වීඩියෝ දර්ශන සන්තකයේ තබාගෙන අන්තර්ජාලය හරහා මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේ සැකකරුවෙකු 2016 වසරේදී අත්අඩංගුවට ගත් බවය.

එසේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ ජංගම දුරකථනය සම්බන්ධයෙන් පරිගණක වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට අවස්ථා කිහිපයකදී අධිකරණය මගින් දැනුම් දී තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයකුගේ බිරිද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග...

හිටපු අග්‍රාමාත්‍යවරයකුගේ බිරිද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග...

නමුත් සිද්ධිය සිදුව වසර 8ක් ගතව ඇතත් එම පරිගණක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට එම විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට නොතීසී නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධියට අදාළ නඩුව ලබන මැයි මස 25 වැනි දින නැවත කැඳවීමට නියමිතය.  

You may like this video