සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය ගැන දැනුම් දීමක්

Report

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සාමාන්‍ය පෙළ 2024 (2025) විභාගයේ සෞන්දර්ය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 21වන දින සිට 31වන දින දක්වා පැවැත්වෙන බවයි.

මෙම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා විභාග අපේක්ෂකයන් එක් ලක්ෂ හැත්ත එක්දහස් එකසියයක් පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල එක්දහස් දෙසිය විසිඅටකදී මෙම පරීක්ෂණ පැවැත්වෙන බවද පෙන්වා දෙයි.

මේ අනුව සංගීතය (පෙරදිග, අපරදිග, කර්ණාටක), නැටුම් (භාරත, දේශීය), නාට්‍ය හා රංග කලාව (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) යන විෂයන්වලට අදාළ මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

වසර දහ 18ට පසු ප්‍රබල ග්‍රහ මාරුවක් අද..සුභ අසුභ ලග්න රැසක්

වසර දහ 18ට පසු ප්‍රබල ග්‍රහ මාරුවක් අද..සුභ අසුභ ලග්න රැසක්

ඉහත විෂයන්වලට අදාළ අවසාන ප්‍රතිඵල තීරණය කිරීම සඳහා ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකේම ලකුණු උපයෝගී කර ගන්නා බැවින් කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය බවද සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර හා කාලසටහන් විදුහල්පතිවරුන්ට හා පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත තැපැල් කර තිබෙනවා.

මෙම ප්‍රවේශපත්‍රවල විෂය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර අදාළ සංශෝධන සිදුකර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.

ප්‍රවේශපත්‍ර ලැබී නොමැති නම් 0112784537 හෝ 0112786616 හෝ 1911 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බවත්, මේ මස 19වන දින සිට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lkවෙත පිවිස බාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.   

බෙංගාල බොක්කේ කැලඹීමක්..ප්‍රභල වැසි දවස පුරා

බෙංගාල බොක්කේ කැලඹීමක්..ප්‍රභල වැසි දවස පුරා