තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්..!

Report

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ වීසා පැකේජ නිරීක්ෂණය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තහවුරු කිරීම සඳහා, 2025 පෙබරවාරි 8 දින සිට බලපැවැත්වෙනපරිදි, වීසා සම්බන්ධ සියලුම ලේඛන ඉදිරිපත් කිරීම් සහ එකතු කිරීම් VFS කුරියර් සේවාව හරහා සිදු කළ යුතු බව‍යි එහි සඳහන් වන්නේ.

ඔවුන් වීසා අයදුම්කරුවන්නට දැනුම් දී තිබෙන්නේ, එක්සත් ජනපද තානාපති කාර්යාලය තවදුරටත් වීසා පැකේජ සම්බන්ධ සෘජු ඉදිරිපත් කිරීම් හෝ එකතු කිරීම් නොපිළිගන්නා බව‍යි.

එමෙන්ම ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කරුණාකර යාවත්කාලීන කරන ලද ක්‍රියාවලිය අනුගමනය කරන ලෙස ද ඉල්ලා සිටී.

පෙබරවාරි 8 වනදා සිට, සුවිශේෂී බෙදාහැරීමේ සේවා සහ විකල්ප ගෙවීම් ක්‍රම පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසිය හැකි බවද වැඩිදුරටත් දැනුම් දී තිබේ. 

https://ustraveldocs.com/lk/en/nonimmigrant-visa/

You may like this video 👇