අපේක්ෂකයන් දෙදෙනෙක් ඇතුළු හතළිස් එකක් අත්අඩංගුවට..!
2024 මහ මැතිවරණයේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (14) දිනයේ පුද්ගලයින් 41 දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. ඒ අතර, කල්පිටිය සහ වව්නියාව යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගත් අපේක්ෂකයන් දෙදෙනෙක් ද සිටිති.
මෙම පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ප්‍රධාන වශයෙන් නීතිවිරෝධි ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකර ඇති බව ඒ මහතා පවසයි. මීට අමතරව මුදල් ලබාදීම, ඡායාරූප ලබාගැනීම, ඡන්ද පත්‍රිකා ඉරා දැමීම සහ පහරදීම වැනි සිද්ධීන් වාර්තා වූ බව ඔහු පැවසීය.
එමෙන්ම රාජකාරීයේ නියුතුව සිටි නිලධාරියෙක්ව අදාළ කටයුතු වලින් ඉවත් කිරීමට සිදුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඒ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයෙක්ට උදව්කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු පැවසු දෙයට පටහැනිව වැරදි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙනි.
එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත යා හැක්කේ අවසර ලත් අයට පමණක් බව ඔහු පැවසීය. එමෙන්ම යම් අවසර ලත් පුද්ගලයෙකු වුවද බීමත්ව සිටියහොත් ඔහුට එම ස්ථානයට යා නොහැකි බවද ඒ මහතා අවධාරණය කළේය.
,එමෙන්ම කිසිසෙත්ම ජංගම දුරකථනය රැගෙන යා නොහැකි බවද ඒ මහතා පවසයි. එමෙන්ම කිසිදු ස්ථානයක සාමූහික වශයෙන් විශාල ඩිජිටල් තිර යොදා ඡන්ද ප්‍රතිඵල නැරඹීමට නොහැකි බවත් එවැන්නක් සිදුවුවහොත් ආරක්ෂක අංශ මැදිහත්ව එම පුද්ගලයින් විසුරුවා හැරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.