Smart Phone තිබෙන අයගේ අදහස් දැක්වීම ගැන විශේෂ ප්‍රකාශයක්..!
By Sewvandhi
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළේ, ස්මාර්ට් ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටින සෑම කෙනෙකුටම කතාවක් පැවසීමට, අදහසක් ඉදිරිපත් කිරීමට හෝ මතයක් ප්‍රකාශ කිරීමට සහ ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීමට හැකියාවක් පවතින බවයි.
කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්, ඇය ප්‍රකාශ කර ඇත්තේ ක්‍රියාකාරී සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ලෙස එය තමා සත්‍ය බව දන්නා බවයි.
ඇය එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණ , සාමාන්‍ය පුරවැසියන් විසින් තම ජංගම දුරකථනවලින් පමණක් සන්නද්ධව බොහෝ විට පවත්වනු ලබන වාර්තාකරණ හරහා කිසිවෙකුගේ බලපෑමකින් තොරව සත්‍ය සමාජගත කිරීමේ වැදගත් අවස්ථාවක් ද පවතින බවයි.
සමස්තයක් වශයෙන් එය ප්‍රතිලාභයක් වන නමුත් විකෘති කතාවක් පැවසිය හැකි බව මතක තබා ගැනීම වැදගත් බව ද තානාපතිනිය අවධාරණය කර සිටියා.