පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්..!
මැතිවරණ කොමිසම පවසන්නේ,පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ නිවේදනය, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු නිකුත් කිරීමට නියමිත බවයි.
විභාගය පැවැත්වෙන අතරතුර අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාග කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවයි, එම කොමිසම සඳහන් කළේ.
ඇල්පිටිය ප්‍රදේශීය සභාව හැර මෙරට අනෙකුත් සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය පසුගිය 2022 වසරේ මාර්තු මාසයෙන් අවසන් වුණා. කෙසේ වෙතත් රට තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය යටතේ ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි නිසා ඒවායේ නිල කාලය වසරකින් දීර්ඝ කළා.
කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් ගිය අතර ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ හැකි ඉක්මණින් ඡන්ද විමසීම සිදු කරන ලෙසයි.
ඒ අනුව 2025 වසරේ මුල් භාගයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කර තිබුණා. එවන් පසුබිමක මැතිවරණ කොමිසම සඳහන් කළේ ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ නිවේදනය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු නිකුත් කිරීමට නියමිත බවයි.
ඉන් පෙර අදාළ නිවේදනය නිකුත් කළහොත් අපේක්ෂකයින් සිය ප්රචාරක කටයුතු ආරම්භ කිරීමෙන් විභාගයට බාධා එල්ල විය හැකි බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව සභා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා යළි කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ද නියමිතව බවයි වාර්තා වන්නේ.