සියලූම ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..!

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Economic Crisis Financial crisis Latest Headlines
By Sewvandhi Oct 29, 2024 12:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මගින්, අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවයි, එහි දැක්වෙන්නේ,.

මහ බැංකුව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවෘත වෙළෙඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බවයි අදාළ නිවේදනයේ දැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙන්න සිසුන් හීනෙන්වත් නොසිතූ දෙයක්..පාසල් පැවැත්වෙන දින ගණන වෙනස් වෙයි..බලාපොරොත්තුවෙන් සිටි ලොකුම කඩයිම් විභාගයකට දිනත් නියම වෙයි..!

මෙන්න සිසුන් හීනෙන්වත් නොසිතූ දෙයක්..පාසල් පැවැත්වෙන දින ගණන වෙනස් වෙයි..බලාපොරොත්තුවෙන් සිටි ලොකුම කඩයිම් විභාගයකට දිනත් නියම වෙයි..!

එමඟින් රජයේ අයවැය මූල්‍යනය සඳහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත් කිරීමක් කිසිසේත්ම සිදුවී නොමැති අතර, මෙහිදී සිදුවී ඇත්තේ මහ බැංකුවේ මිල ස්ථායීතාව පිළිබඳ අරමුණු ළඟාකර ගැනීම සඳහා සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලියක් පමණි.

පහත සඳහන් වාර්තාවේ පළවී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන සාමාන්‍ය විවෘත වෙළෙඳපොළ කටයුතුවලදී ක්‍රියාත්මක කරන වෙන්දේසි සහ මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳවය.

ඔන්න සුභම සුභ ආරංචියක්.. රජයෙන් විශේෂ දීමනාවක් ඉහලට.. ලැබෙන පිරිස අතර ඔබත් ඉන්නවද

ඔන්න සුභම සුභ ආරංචියක්.. රජයෙන් විශේෂ දීමනාවක් ඉහලට.. ලැබෙන පිරිස අතර ඔබත් ඉන්නවද

GalleryGalleryGallery
ReeCha