රණවිරු පවුල් වෙත දැනුම්දීමක්..!

By Sewvandhi Jun 06, 2023 01:36 PM GMT
Report

ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ, ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින පුද්ගලයින් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත මෙම සංශෝධිත සලාක දීමනා ලබාදීමට නියමිත බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එසේම අදාළ පවුල් සහ රණවිරුවන් වෙතින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසටය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now