අධිකරණ ඇමතිට එක්කර තිබූ ආචාර්ය නාමය ගැන විශේෂ දැනුම්දීමක්.

Report

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කර තිබෙනවා.

පාර්ලිමේන්තු ව පවසන්නේ වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සඳහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින්.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බවද එහි දැක්වෙන අතර ඒ අනුව, එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කරනවා.

එමනේම මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් මගින් දක්වා ඇති අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියලුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත් සඳහන්.

පිටකොටුවේ කෑම කඩවල කෑම රස කර කර කන කට්ටියට රතු එළියක්. - (VIDEO)

පිටකොටුවේ කෑම කඩවල කෑම රස කර කර කන කට්ටියට රතු එළියක්. - (VIDEO)