නෝර්වේ රජය විසින් විදේශයන්හි පවතින එරට තානාපති කාර්යාල ජාලය ආශ‍්‍රිතව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.
කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය ද ඇතුළුව නෝර්වේජියානු තානාපති කාර්යාල පහක් 2023 ජූලි මස අග වනවිට ස්ථිර වශයෙන් වසා දැමීමට තීරණය කර ඇත.
මේ අතර දැනට මාලදිවයින සම්බන්ධ වගකීම්ද පැවරී ඇත්තේ කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයට වන අතර නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමූව ද දෙරට අතර මිත‍්‍රශීලී හා ඵලදායී සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම වෙනුවෙන් නෝර්වේ රාජ්‍යය ඉදිරියටත් කැපවී කටයුතු කරනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.