උතුරු කොරියානු නායකයා රුසියාවට යන අරුම පුදුම දුම්රියේ තතු මෙන්න.(PHOTOS)

Vladimir Putin China North Korea Kim Jong Un Russia
By Gagana Sep 12, 2023 06:33 AM GMT
Gagana

Gagana

Report

අද ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙන්නේ රුසියාව වෙතයි.

ඒ උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ රුසියානු සංචාරය හේතුවෙන්.

ජාත්‍යන්තරය සමග හොඳහිත එතරම් පවත්වා ගෙන නොයන කිම් ජොන් අන්ට සබඳතා පවතින්නේ රුසියාව, චීනය සහ තවත් බටහිර විරෝධී රටවල් කිහිපයක් සමග පමණයි.

එබැවින් ඔහු විදෙස් සංචාර සඳහා එක් වන්නේ ද කලාතුරකින්. 2011 වසරේ සිට උතුරු කොරියාවේ පාලන බලය හොබවන කිම් ජොන් අන් මේ දක්වා විදෙස් සංචාර සඳහා එක්ව ඇත්තේ අවස්ථා 10 කදී පමණයි.

ඔහු මෙලෙස රුසියාවට පැමිණෙන්නේ ද වසර 04 කට පසුව වීම විශේෂත්වයක්. ගුවන් හෝ නාවික මාර්ග හරහා සංචාරයට කැමැත්තක් නොදක්වන උතුරු කොරියානු නායකයා මෑතක සිට විදෙස් සංචාර සඳහා එක්වන්නේ දුම්රියෙන්.

ඒ සඳහා ඔහුගේ පෞද්ගලික දුම්රිය යොදා ගැනෙන අතර එය අධි ආරක්ෂිත ආයුධ සන්නද්ධ සුඛෝපභෝගී දුම්රියක්.

එම දුම්රිය සම්බන්ධයෙන් උතුරු කොරියාව නිල වශයෙන් වාර්තා පල නොකල ද බුද්ධි තොරතුරු සහ එහි ගමන් කිරීමට අවස්ථාව හිමිව ඇති අතලොස්සක් වන විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ලබා ගන්නා ලද තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා පවසන්නේ උතුරු කොරියානු නායකයාගේ විදෙස් සංචාරයකදී එම දුම්රියෙන් වෙඩි නොවදින ආයුධ සන්නද්ධ මෝටර් රථ 20 ක් රැගෙන යන බවයි.

එබැවින් එම දුම්රිය සාමාන්‍ය දුම්රියකට වඩා බරින් වැඩි බැවින් එය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 59 ක් බවයි වාර්තා වන්නේ.

කොළ පැහැති එම දුම්රිය තුළ සම්මන්ත්‍රණ පැවැත්විය හැකි විශේෂ කාමරයක් සහ කිම් ජොන් අන්ගේ කාර්යාල කාමරයක් සහ පෞද්ගලික කාමරයක් ද පවතින බව ද සඳහන්.

එමෙන්ම රසවත් ආහාරපාන වර්ගවලින් සමන්විත භෝජනාගාරයක් ද එම දුම්රිය තුළ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ තුළ ජීවය සහිත පොකිරිස්සන් වර්ග සහ උසස් තත්ත්වයේ ප්‍රංශ වයින් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

GalleryGalleryGalleryGallery
ReeCha