නොරච්චෝලය දින සියයකට නිවාඩු යයි.
By Madheeha_Naz
දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100ක කාලයක් සඳහා බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බවයි.
එසේම අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
නියමිත ප්‍රධාන අලුත්වැඩියා නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන මෙම කාලසීමාවේදී අනෙකුත් තාප විදුලිබලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |