ලොව වේගවත්ම ක්‍රීඩකයා මීටර් 100 දුවපු විදුලි වේගය ලොවම පුදුම කළ හැටි මෙන්න.(VIDEO)

United States of America Paris Paris 2024 Summer Olympics Sports
By Aruna Aug 05, 2024 02:34 AM GMT
Aruna

Aruna

Report

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ ජය වාර්තා කිරීමට අමෙරිකාවේ නෝවා ලයිල්ස් සමත් වී තිබෙනවා.

එහිදී ඔහු වාර්තාකළ කාලය තත්පර 9.784 ක් බවයි පැවසෙන්නේ.

එමෙන්ම, මෙම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ජැමෙයිකාවේ කිෂාන් තොම්සන් සමත් වූ අතර ඔහු වාර්තාකළ කාලය තත්පර 9.789ක් වීමද විශේෂත්වයක්.


නෝවා ලයිල්ස්ගේ මෙම ජයග්‍රහණය එම ඉසව්වෙන් වසර 20කට පසු අමෙරිකාවට හිමිවූ පළමු රන් පදක්කම ද බවයි පැවසෙන්නේ.

මින් පෙර මෙම ඉසව්වේ රන් පදක්කම ජස්ටින් ගැට්ලින් විසින් 2004 ඔලිම්පික් උළෙලේදී අමෙරිකාව වෙනුවෙන් හිමිකරගනු ලැබීය.

එමෙන්ම, ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයට එක්වූ අරුණ දර්ශන වසර 24කට පසු එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමට ඊයේ (04) දිනයේ සමත් වුණා.

ඒ ඔහු තත්පර 44.99ක කාලයක් ගත කොට ක්‍රීඩකයන් 46කින් 17 වැනි ස්ථානයට පත්වෙමින්.

ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11. 05ට පැවැත්වීමට නියමිතව ඇත.

වසර 2000දී සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුගත් තිලකරත්න මූලික වටයේදී තත්පර 45.54කින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසු අරුණ දර්ශන මීටර් 400 ඔලිම්පික් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වීම ද විශේෂත්වයක්.


ReeCha