අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

Hospitals in Sri Lanka Law and Order Sinhala news
By Hashan May 21, 2025 10:07 AM GMT
Hashan

Hashan

Report

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබුවා .

එම අවස්ථාවේදී සැකකරු ප්‍රකාශ කර සිටියේ වෛද්‍යවරියට සිදුවූයේ අතවරයක් නොවන බවත් සිදුවූ ලිංගික ක්‍රියාව බලහත්කාරයෙන් නොව කැමැත්තෙන් සිදු වූවක් බවය.   

සැකකරු විසින් අධිකරණයට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා ඇති අතර අධිකරණයෙන් ඊට අවසර ලැබුණු පසු ඔහු ඉහත කරුණු හෙළි කරන ලදි .

එම ප්‍රකාශයත් සමඟ අනපේක්ෂිත තත්වයක් මතුව ඇති අතර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විතානගේ මහතාට නියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසයි .

ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කරන්න ජනපතිගෙන් උපදෙස්

ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කරන්න ජනපතිගෙන් උපදෙස්

එමෙන්ම ගල්නෑව පොලිසිය විසින් තමන් හට කෲර වද හිංසා පැමිණ වූ බවටද සැකකරු අධිකරණයේ දී කරුණු ප්‍රකාශ කර සිටියා.   

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන්ද  විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.   සෙබළා කියා ඇත්තේ තමා සමඟ  වෛද්‍යවරිය එක්වීම අතවරයක් ලෙස හැඳීන්වීමට කිසිසේත් ඉඩක් නැති බවකි.

ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට

ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවන ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා මාර්ගයේ සීසීටීවී කැමරා ඇත්නම් එම අවස්ථාවේ වෛද්‍යවරිය හැසිරුණ ආකාරය ඒවා පරීක්ෂා කිරීමෙන් තහවුරු කරගත හැකි බවත් සෙබළා කියා සිටියා.   

මේ නිසා වෛද්‍යවරිය තමාව වරදකට පැටලවීම ගැටලු සහගත බව ඔහු පැහැදිලි කර ඇත.

වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර සහ ගල්නෑව පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව බවත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු ගල්නෑව පොලිස් නිලධාරීන් විසින් තම ගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කර පහර දී කෲර වද හිංසා පමුණුවා ඇති බවත්ය.

මෙම හේතුව නිසා තම ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනය සිදුව ඇති බවද සැකකරු අධිකරණයට පවසා සිටියා.   

කෙසේ වෙතත් උසස් පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ වෛද්‍යවරිය සම්බන්ධව සැකකරු කළ ප්‍රකාශය විමර්ශන නොමග යැවීමේ අරමුණින් කළ ප්‍රකාශයක් බවයි.   සැකකරු 2025 මැයි මස 26 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.  වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු පෙනී සිටි නමුත්, සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී සිටියේ නැත.

ඔහු අධිකරනයේ උත්තර බැන්දේ තනිවමය. 

පවතින ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක් (VIDEO)

පවතින ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක් (VIDEO)

කොරියාවට යන්න ඉන්නවනම් මේක බලන්න

කොරියාවට යන්න ඉන්නවනම් මේක බලන්න

ReeCha