විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් මණ්ඩලයෙන් විශේෂ දැනුවත් කිරීමක්
ආපදාවට ලක් වී ඇති ප්‍රදේශවල විදුලි පාරිභෝගික ජනතාවගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී විදුලි ඉංජිනේරු ෂර්ලි කුමාර පවසයි.
ඒ අනුව විදුලි බිලට අඳාළව මෙම ප්‍රදේශවල විදුලි විසන්ධි කිරීමක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් සිදු නොකරන බවත් එම බිල ඉදිරි මාසවලදී අඳාළ බිලට එකතු වන බවත් මේ අවස්ථාවේදී කිසිඳු ලෙසකින් විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවත් ෂර්ලි කුමාර සඳහන් කරයි.
එසේම ආපදාවට ලක්වී ඇති බොහෝ ප්‍රදේශවල මනු කියවීමට නොහැකි බවත් විදුලි බිල් ද බෙදා හැරීමට නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
එබැවින් අඳාළ බිල් ඉදිරි මාසවලදී විදුලි පාරිභෝගික ජනතාව වෙත ලැබීමට සලස්වන බවත් මේ අවස්ථාවේදී විදුලි විසන්ධි කිරීමක් කිසිඳු ආකාරයකට සිදු නොකරන බවත් දැනුම් දෙයි.
රටේ අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය නිසා ලංකා විදුලිබල මණ්ඩලයට ද අතිවිශාල අලාභයක් සිදු වී ඇති බවත් එය ගණනය කෙරෙමින් පවතින බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.