සජිත්ට මල පනී - දේශපාලන එකතුවීමක් ගැන කට අරි

SJB Ranil Wickremesinghe Sajith Premadasa UNP Current Political Scenario
By Shehan Mar 26, 2025 02:45 AM GMT
Shehan

Shehan

Report

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ(25) තහවුරු කළේ තම පක්ෂයට කිසිදු දේශපාලන පක්ෂයක් සමග එක්වීමේ අදහසක් නැති බවයි. ඔහු මෙම ප්‍රකාශය කළේ ඊයේ (24) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන අපේක්ෂකයින් ඇමතීමේදීය.

"අද සමහර ප්‍රවෘත්තිවල සිරස්තල දාලා තියෙනවා මමත්, මේ කණ්ඩායමත්, ඒ කණ්ඩායමත් එකතු වෙන්න සාකච්ඡා කරනවා කියලා. එකතු වෙන්න සාකච්ඡා කරනවා නම් අපි දුරකථන ලකුණින් ඡන්දය ඉල්ලනවා... සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලනවා..." යැයි ඔහු පැවසීය.

යුද අපරාධ, ඩයස්පෝරා කුමන්ත්‍රණ සහ රාජපක්ෂලාගේ කිඹුල් කඳුළු!

යුද අපරාධ, ඩයස්පෝරා කුමන්ත්‍රණ සහ රාජපක්ෂලාගේ කිඹුල් කඳුළු!

"මේ සියල්ල කරන්නේ ඇයි? අපේ ප්‍රතිවාදීන්ට ලොකු බයක් තියෙනවා. පළමු වතාවට සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයකට තරග කරලා, දහස් ගණනක් අපේම මන්ත්‍රීවරු හැම පළාත් පාලන ආයතනයකටම තෝරාගෙන, බිම් මට්ටමේ විශාලතම බලවේගය බවට පත්වෙනවා කියලා බයෙන් ඉන්න කොටසක් ඉන්නවා," ඔහු වැඩිදුරටත් කීවේය.

"සජිත් මහත්තයා රනිල් එක්ක එකතු වෙනවා කියලා කියනවා... මේක සම්පූර්ණයෙන්ම පට්ටපල් බොරුවක්. අපිට කිසි කෙනෙක් එක්කවත් එකතු වෙන්න ඕන නෑ. මේ වතාවේ දුරකථන ලකුණින් සමගි ජන බලවේගය රටේ සෑම පළාත් පාලන ආයතනයකම විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා කියලා අපිට පූර්ණ විශ්වාසයි," යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

දේශබන්දු අනාතයි! ආණ්ඩුව කරන්න යන දේ මෙන්න-VIDEO

දේශබන්දු අනාතයි! ආණ්ඩුව කරන්න යන දේ මෙන්න-VIDEO

ReeCha