බදු 30% වුණා කියලා ලංකාවම ඉවරයි වගේ දගලන්න දෙයන් නෑ - බිමල්
ට‍්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද 30% ක තීරුබදු පිළිබඳව ශ්‍රී ලංකාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඇමරිකානුවන් ඇඳුම් ඇඳීම නතර නොකරන බැවින්, මෙම අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි බවයි.
රට “අවසන්” වී ඇති ආකාරයට හැසිරීමෙන් වැළකී, “කෙසේ හෝ ගේම ගහනවා” යන ආකල්පයෙන් කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.
උඩරට දුම්රිය ධාවනය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා වූ නිරීක්ෂණ චාරිකාවකදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කර සිටියා.
අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොව, සමස්ත ලෝකයටම බලපාන අසාමාන්‍ය පියවරක් බවයි.
30% ක තීරුබද්ද යම් දුරකට අභියෝගයක් බව පිළිගත්තද, එය ජයගත නොහැකි බාධාවක් නොවන බවට ඔහු විශ්වාසය පළ කර සිටියා.
” 30% කියන එක යම්තාක් දුරකට අභියෝගයක් තමයි. නමුත් බැලුවාම ලංකාවේ ඇඟළුම් තමයි අති විශාල ප්‍රමාණයක් ඇමරිකාවට යන්නේ. ලංකාවේ ඇඟළුම් අවුරුදු 40ක් වගේ කාලයක් තිස්සේ ඇමරිකාවේ ස්ටැබලිෂ් වුණ කර්මාන්තයක්. ලංකාවේ ඇඟළුම් ඇමරිකාවේ මිඩ් සහ හයි මාර්කට් යන්නේ. තරමක් ආදායම් තියෙන අය තමයි පාවිච්චි කරන්නේ.
සමහර ගැනුම්කරුවන් අපට කියපු දෙයක් තමයි බදු – මිල වැඩිකළ පළියට ඇමරිකාවේ මිනිස්සු ලංකාවේ ඇඳුම් අඳින එක නතර කරන්නේ නැතිවෙයි කියන එක. මොකද ඇඳුම් කියන එක දිනපතා ගන්න එකක් නෙවෙයි. ඔවුන් මාස 3 කට මාස 6කට සැරයක් ඇඳුම් ගන්නේ. ඒ නිසා මේක නිකං 30% වුණාම ඇමරිකාවේ මිනිස්සු ඇඳුම් අඳින එක නතර කරන්නේ නෑ. සමහර සමාගම් අපිට කියලා තියෙනවා.”
