ලක්ෂ 50න් විතරක් මිහිඳු පෙරහැර කරන්න බෑ රජය මේ ගැන වචනයක් කතා නෑ - මිහින්තලා හිමි

Report

මෙවර ඓතිහාසික රාජ්‍ය පොසොන් ජාතික උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් වත්මන් රජය හෝ අදාළ වගකිව යුතු බලධාරීන් පාර්ශ්වයෙන් තමන් වහන්සේ වෙත නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් හෝ සම්බන්ධීකරණයක් සිදුකර නොමැති බව මිහින්තලා රජමහ විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ ඉතා කනගාටුවෙන් යුතුව පවසති.

මිහින්තලා රජමහ විහාරස්ථාන පරිශ්‍රයේදී අද 14 වැනිදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහිඳු පෙරහැර සම්බන්ධයෙන් රජයේ නිල දායකත්වය සහ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මේ වන විට නිසි පරිදි ලැබී ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ සෘජු ප්‍රශ්නයකට විශේෂ පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාට මහමග දී පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තනනම්

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාට මහමග දී පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තනනම්

වත්මන් රජය පාර්ශ්වයෙන් මේ සඳහා කිසිදු නිසි සහායක් හෝ මූල්‍යමය දායකත්වයක් නොදැක්වූව ද, මෙරට සමස්ත බෞද්ධ ජනතාවගේ පූර්ණ සහයෝගය ඇතිව තමන් වහන්සේට හැකි උපරිම අයුරින් වාර්ෂික මිහිඳු මහා පෙරහැර සහ වෙසක් පොසොන් ආගමික උත්සවය කිසිදු අඩුපාඩුවක් සිදුනොකර ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කර පැවැත්වීමට වහාම කටයුතු කරන බව වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

"ජනාධිපති කාර්යාලයෙන්, බුද්ධශාසන අමාත්‍යාංශයෙන් හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. ජනාධිපතිතුමා මේ පිළිබඳව දන්නවා දැයි මම දන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ දැනුවත් වීම පිණිස මම මෙලෙස කියනවා. ජනාධිපති කාර්යාලයෙන් හෝ වෙනත් කිසිදු ආයතනයකින් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. දිස්ත්‍රික් ලේකම්වරයා තමාට ඇති බලතන අනුව මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී දෙනවා, අද වනතුරුත් මට එවැනි කිසිදු දැනුම්දීමක් ලැබී නැත. කිසිවෙකු පැමිණ උත්සව සංවිධානයක් පිළිබඳව සාකච්ඡා කරලා නෑ. ශ්‍රී ලංකාවේ පවත්වන ප්‍රධාන රාජ්‍ය උත්සව තියෙන්නේ 3යි.

ඉන් එකක් නිදහස් උත්සවය, අනෙක් උත්සව දෙක වෙසක් සහ පොසොන් උත්සවය. ඉතිං අනෙක් උත්සව දෙක සංවිධානය කරන ආකාරය සහ මේ උත්සවය පවත්වන ආකාරය පිළිබඳව ජනතාව හොඳින් තේරුම් ගනී. අපට කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමට අවශ්‍යතාවක් නෑ. ඔවුන් මෙය කළත් නොකළත් අප මේ කටයුත්ත සිදුකරනවා. එබැවින් මෙවර පැවැත්වෙන රාජ්‍ය උත්සවයක් පිළිබඳව මම කිසිවක් දන්නේ නෑ. රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබා දෙන බව කියයි. නමුත් මෙය අනාදිමත් කාලයක සිට ඕනෑම රජයකින් සිදුකරන සාමාන්‍ය ක්‍රියාවලියක්. එම මුදල ස්වයංක්‍රීයවම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලැබෙනවා. ඒ ලක්ෂ 50න් විතරක් මිහිඳු පෙරහැර කරන්න බෑ. එබැවින් කුමන හෝ ක්‍රමයකින් මුදල් සොයාගෙන මම මිහිඳු පෙරහැර කරනවා. මෙම පූජෝත්සවය කිසිදු අඩුවක් නොමැතිව ඉටු කිරීමට මම පියවර ගන්නවා, ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මම රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

ලංකාවම බයවෙන එල් නිනෝවේ ඇත්ත තත්ත්වය මෙන්න - මෙතෙක් ආපු ආරංචිය කණපිට ගහන හෙළිදරව්වක්

ලංකාවම බයවෙන එල් නිනෝවේ ඇත්ත තත්ත්වය මෙන්න - මෙතෙක් ආපු ආරංචිය කණපිට ගහන හෙළිදරව්වක්