අනිවාර්ය කර තිබියදීත් කණ්ණාඩි නොදා රිය පැදෙව්වොත් කෙළින්ම උසාවිය

By Aylin Zoya May 19, 2026 07:08 AM GMT
Report

රියැදුරු බලපත්‍රයේ ඇස් කණ්ණාඩි පැලඳීම අනිවාර්ය කර තිබියදීත්, ඇස් කණ්ණාඩි නොමැතිව රිය පදවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව පොලිස් රථවාහන මූලස්ථානය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මීට පෙර එවැනි රියැදුරන්ට දඩකොළ නිකුත් කළද, මේ වනවිට ඔවුන් සෘජුවම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

වර්තමානයේ රිය අනතුරු ඉහළ යාමට රියැදුරන්ගේ පෙනීමේ දුර්වලතා ද එක් හේතුවක් වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත. රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී පූර්ණ පෙනීම පරීක්ෂා කරන අතර, පෙනීම දුර්වල පුද්ගලයින්ට ඇස් කණ්ණාඩි පැලඳීම අනිවාර්ය කරමින් ප්‍රවාහන වෛද්‍ය සහතික නිකුත් කරන බවද සඳහන් වේ.

ඒ අනුව, එවැනි රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රයේ ඇස් කණ්ණාඩියක සලකුණක්ද සටහන් කරනු ලබන බව පොලිසිය පවසයි.

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

ඉන්ධන QR කේතය ගැන පාර්ලිමේන්තුවේදී මීට සුළුමොහතකට පෙර දුන් නිල ප්‍රකාශය මෙන්න

ඉන්ධන QR කේතය ගැන පාර්ලිමේන්තුවේදී මීට සුළුමොහතකට පෙර දුන් නිල ප්‍රකාශය මෙන්න

රේගුවට යන්න බලන් හිටපු ඔයාට සුබ ආරංචියක් - මේ සුදුසුකම් තියේනම් අදම අයදුම් කරන්න

රේගුවට යන්න බලන් හිටපු ඔයාට සුබ ආරංචියක් - මේ සුදුසුකම් තියේනම් අදම අයදුම් කරන්න